Action Fighter

Vampyr | වැම්පයර් භීෂණය

ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට සුපිරි game එකක් ගැන කියන්න යන්නෙ ඒ තමයි vampyr game එක.vampyr කියන්නෙ dontnod entertainment විසින් වැඩි දියුණු කරල forcas home interactive විසින් ප්‍රකාශයට පත් කරපු ක්‍රියාකාරී vedio game එකකි.vampyr කෙනෙක් බවට පත් වෙලා තියන doctor කෙනෙක් වන jonathan reed hipokraticගේ ලේ පිපාසිත භාවය ගැන මේ game එක තුළින් අපිට බ්ලාගන්න පුළුවන්.

මේ game එකේ story එක ගැන කතා කරොත් ටිකක් බය හිතෙනව මොකද මේක vampyr game එකක් නිසා.jonathan reed කියන්නෙ ඉහළ පෙලේ ශල්‍ය වෛද්‍යවරයෙක් එයා මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න අලුත් රුධිර පාරවිලයන ක්‍රමයක් හොයා ගත්තා.එක දවසක් රෑ ඔහු ඔහුටම ලබා දුන් බෙහෙතකින් පස්සෙ සිහිය ආවම අමුතු දෙයක් වුනා.එයාගේ ජීවිතේ මතක හැමදේම වෙනස් වෙලා නැතත් එයාට තේරුනා එයා vampyr කෙනෙම් වෙලා කියල.එයා මිනී වලට ආවෙ කොහොමද කියල එයා වෙනස් උනේ කොහොමද කියල එයාට මතකයක් තිබ්බෙ නෑ.ඊටපස්සෙ එයා ගොඩක් උත්සාහ කරනවා එයාගෙ කලින් ජීවිතේට එන්න.ඒත් එයා දැනගන්නවා එයාට ජීවිතේ බේරගන්න අනිත් අයගෙ ලේ ඕන කියල.doctor කෙනෙක් විදියට මිනිස්සු හොඳ කරපු එයාට ,එයාගේ ජිවිතේ වෙනස් උන විදිය පිටිපස්සෙ තියන අභිරහස හොයා ගන්න වෙනවා.

මේ game එක ඇතුලෙ හැමවෙලාවෙම reed ට ලේ ඕන කියල ක්‍රීඩකයාට මතක් කරල් දෙනවා.ක්‍රීඩකයන්ට තමාගෙ ගොදුර වෙන්න යන්නෙ මොන චරිතද ,මොන චරිතද ඉතුරු කරන්න ඕන කියල තෝරගන්න වෙනවා.reed එයාගෙ පෝෂණ උපායමාර්ග වෙනුවෙන් ,මුනගැහෙන චරිත එක්ක සම්බන්ධයක් ඇති කරග්න්න පුළුවන් එහෙම කරල එයාලව රවට්ටන්නත් පුළුවන්.

මේ game එක play කරද්දී ඔයාලට vampyric බලයන්ද open වෙනවා.game එක ඉස්සරහට යද්දි වික්‍රමාන්විත සටනක ඉදලා වෙඩි තැබීමේ  යාන්ත්‍ර විද්‍යාව හා අත්භූත vampyr  බලයන් දක්වා සටන වෙනස් වෙනවා.ක්‍රීඩාවේ සතුරු වර්ග මනුස්සයගෙ ඉදලා vampyr දක්වා වෙනත් අත්භූත ජීවීන් දක්වා වෙනස් වෙනවා.game එක මගදි reed ට vampyr දඩයක්කාරයක්කරුවන්ද හම්බෙනවා.ඔවුන් ආයුධ,මෙවලම්,උගුල් වලින් පහර දෙනවා.

 

Reed ගෙ සෞඛ්‍ය තත්ත්වය හා ශක්තිය ඔහුගේ අත්භූත හැකියාවන්ට ශක්තිය දෙනවා.බලය භාවිතා කරද්දි ඔයාගේ ලේ ගලා යාමක්වෙනවා.එවිට reed දුර්වල වෙනවා.ඔයාගෙ ශක්තිය තිබ්බ විදියට පත් කරග්න්න,සටන් කරන්කොට පෝෂණ ක්‍රමයක් හොයාගන්න වෙනවා.ඒ වගේම කියන්න ඕන ඔයාගේ සතුරන්ගෙ දුර්වතා උපයෝගි කර ගන්න,මෙවලම්,විලංගු හා පුලුල් ආයුධ මෙන්ම විශේෂ පතොරම් ආලේපන හදන්න,දියුණු කරන්න,ඔයාට ගොදුරු වුන අයගෙ මලසිරුරු  යොදාගන්න පුළුවන් වගේම ගවේෂණයේදි කොල්ල කන්නත් පුළුවන්.ඉතින් ඔයාට මේ විදියට පුළුවන් game එක play කරගෙන යන්න.vampyrsලට කැමැත්තක් දක්වන ඔයාලට මේක විශේෂ අත්දැකීමක් වෙයි අනිවාර්යෙන්ම.

Here are the Vampyr System Requirements (Minimum)

  • CPU: Intel Core i3-2130 (3.4 GHz)/AMD FX-4100 (3.6 GHz)
  • OS: Windows 7/8/10 (64 bits)
  • VIDEO CARD: 2 GB, GeForce GTX 660/Radeon R7 370.
  • FREE DISK SPACE: 20 GB.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *