Horror Adventure

Outlast  2 | හොල්මන් සමග නැවතත්

ඉතින් අද අපි කතා කරන්න යන්නෙ සුපිරිම සුපිරි Horror Game එකක් ගැන… ඒ තමයි outlast 2…ඉතින්  ගොඩක් අය outlast 1 එක play කරලා ඇති කියල හිතනවා…..

ඉතින් මේ Game එක Release වෙන්නේ April 25, 2017 single player Game එකක් විදියට.. Game එක Develop කරන්නේ Red Barrels කියන company එක…

Game එකේ story එක ගැන කතා කලොත් ….

මේකෙදි අපිට play කරන්න වෙන්නේ කොලරාඩෝ ප්‍රාන්තයේ බටහිර මායිම අසල පිහිටි සුපායි හි අබලන් වූ ග්‍රාමීය ප්‍රදේශයක් පිළිබඳව විමර්ශනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදී බ්ලේක් ලැන්ගර්මන්ගේ චරිතයයි.. මාධ්‍යවේදියෙකු සහ කැමරා ශිල්පියෙකු වන බ්ලේක් ලැන්ගර්මන් ඔහුගේ බිරිඳ ලින් සමඟ Jane Doe නම් තරුණ කාන්තාවගේ අබිරහස් මරණය ගැන විමර්ශනය කරන්න යන අතරතුර මොවුන් ගමන් ගන්නා Helicopter යානය අනතුරට ලක් වෙනවා….ලැන්ගර්මන් අවදි වෙද්දී  දකින්න ලැබෙනවා හෙලිකොප්ටරයේ නියමුවා කුරුසියේ ඇණ ගසා ඇති බවත් ඔහුගේ බිරිඳ අතුරුදහන් වී ඇති බවත්.. ඔතනින් තමා කතාව පටන් ගන්නේ …

ඉතින් මේ game එක develop කරලා තියෙන විදියට ගොඩක් වෙලාවට අපිට සිද්ද වෙනවා සතුරන්ට නොපෙනී සැගවී පලායන්න..පට්ටම කළුවරේ තමා game එක play කරන්න තියෙන්නේ… මෙහිදී අපි  වඩාත් සැලකිලිමත් වෙන්න ඕන අපේ Health එක ගැන වගේම cam එකේ battery එක ගැන.. මොකද අපි වැඩිපුර දුවද්දී ඉබේම අපේ Health එක අඩු වෙනවා..ඒ වගේම අපි night vision use කරද්දී ඉක්මනින් battery බහිනවා…

ඉතින් outlast 1 එකේදී වගේම මේ පාරත් අපිට weapons විදියට ලැබෙන්නේ night vision තියෙන camcorder එකක්….outlast 1 එකට සාපේක්ෂව අලුත් options ගොඩක් එකතු කරලා තියෙනවා..

හොද ratings තියෙන පට්ටම බය හිතෙන Game එකක්…

CPU: Intel Core i3-530

CPU SPEED: Info

RAM: 4 GB

OS: Windows Vista / 7 / 8 / 10, 64-bits

VIDEO CARD: 1GB VRAM, NVIDIA Geforce GTX 260 / ATI Radeon HD 4870

PIXEL SHADER: 4.0

VERTEX SHADER: 4.0

SOUND CARD: DirectX Compatible

FREE DISK SPACE: 30 GB

DEDICATED VIDEO RAM: 512 MB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *